“නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ අගුණ බලන්නෙකු නොවූහ.” යැයි බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

පොදුවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිවක හෝ අගුණ බලන්නෙකු නොවූහ. ඉන් අදහස් කරනුයේ අඥාන කාලයේ ජනයා සිදු කරමින් සිටියාක් මෙන් යම් කරුණක් අවහිර කරන පරිදි අගුණ බැලීමය. එසේ අගුණ බැලීම, පක්ෂීන් මගින් හා ඊතල් හෙළීමෙන් ගුණ අගුණ බැලීම තහනම් කරමින් ඉස්ලාමය පැමිණ ඇත. ඒ වෙනුවට ඔවුනට ‘ඉස්තිකාරා’ හෙවත් යහපත පතන මෙන් ආගමානු ගත කර ඇත.