පොදුවේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කිසිවක හෝ අගුණ බලන්නෙකු නොවූහ. ඉන් අදහස් කරනුයේ අඥාන කාලයේ ජනයා සිදු කරමින් සිටියාක් මෙන් යම් කරුණක් අවහිර කරන පරිදි අගුණ බැලීමය. එසේ අගුණ බැලීම, පක්ෂීන් මගින් හා ඊතල් හෙළීමෙන් ගුණ අගුණ බැලීම තහනම් කරමින් ඉස්ලාමය පැමිණ ඇත. ඒ වෙනුවට ඔවුනට ‘ඉස්තිකාරා’ හෙවත් යහපත පතන මෙන් ආගමානු ගත කර ඇත.