ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුම්) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මට හා නුඹලාට උපමාව වනුයේ ගිනි අවුලන මිනිසෙකු මෙනි. පළගැටියන් හා මේරුන් එහි වැටෙන්නට බලයි. ඔහු ද උන් එයින් වළක්වන්නට බලයි. මම නිරයෙන් දුරස් කොට නුඹලාගේ බද පටිවලින් අල්ලාගෙන සිටිමි. නුඹලා ද මගේ අතින් පළා යමින් සටින්නෙහු ය.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සමූහයා සමග පවතින එතුමාගේ තත්ත්වය පාළුකරයේ ගිනි දල්වන මිනිසෙකුගේ තත්ත්වයට සමාන යැයි පැහැදිලි කර සිටියි. එවිට පළගැටියන් හා මේරූන් එහි වැටෙන්නට බලයි. එසේ වන්නට හේතුව පොදුවේ පළගැටියන් මේරූන් හා කුඩා කෘමින්ගේ සිරිත එය බැවිණි. ගොඩබිමක යම් ගින්නක් මිනිසා අවුලන විට එම එළිය වෙත උන් ඇදී එනු ඇත. තවද එතුමා මෙසේ පවසා සිටියහ: නුඹලා එහි වැටීමෙන් මම නුඹලාව වළකමි. එනමුත් නුඹලා මගේ අතින් ගිලිහී ඒ වෙත ඇදී යන්නෙහුය. මින් අදහස් කරන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට විරුද්ධ වීම හා එතුමාගේ සුන්නාව අතහැරීමය.

explain-icon

අමතර