අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කළ යුදෙව් කොලුවෙක් විය. ඔහු රෝගාතුර විය. එවිට එතුමා ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඔහු වෙත පැමිණියහ. ඔහුගේ හිස ළඟින් වාඩි වී ‘ඔබ ඉස්ලාමය වැළඳ ගනු‘ යැයි පවසා සිටියහ. එවිට තම අබියස සිටි ඔහුගේ පියා දෙස ඔහු බැලුවේය. එවිට ඔහු(පියා) ඔබ අබුල් කාසිම්ට අවනත වන්නැයි පවසා සිටියේය. පසුව හෙතෙම ඉස්ලාමය වැළඳ ගත්තේය. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නිරයේ ගින්නෙන් ඔහු මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි පවසමින් පිටත්ව ගියහ.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මදීනාවේ විසූ යුදෙව් ජනයා අතර සිටි කොලුවෙකු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට සේවය කරමින් සිටි බව මෙම හදීසයේ සඳහන්ව ඇත. ඔහු රෝගාතුර වූ අවස්ථාවේ නබි-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහු බැහැ දකින්නට ගියහ. පසුව ඉස්ලාමය වැළඳ ගන්නා මෙන් ඔහුට පෙන්වා දුන්හ. එවිට එම කොලුවා ඉස්ලාමය වැළද ගත්තේය. පසුව එතුමාල නිරා ගින්නෙන් මොහු මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි පැවසූහ.

explain-icon

අමතර