මෙම හදීසයේ භාරකාරත්වයේ බරපතලකම පිළිබඳ පැහැදිලි කර ඇත. කවරෙකු හෝ ජනයා අතර යම් කටයුත්තක් භාර ගෙන පසුව ඔවුනට පීඩා ඇතිවන පරිදි කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් ද කටයුතු කරන මෙන් ද ඔහු ඔවුන් සමග යුක්ති ගරුකව, සාධාරණව, කරුණාවෙන් හා මෛත්රියෙන් කටයුතු කරන්නේ ද ඒ හා සමානව ඔහු සමග අල්ලාහ් කටයුතු කරන මෙන් ද නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළහ. ප්රතිඵල ක්රියාවේ වර්ගයෙන්ම පිහිටනු ඇත.