අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ප්රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල් ආස් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. "නියත වශයෙන්ම අල්ලාහ් දැනුම අත්පත් කර ගන්නේ නැත." මෙයින් අදහස් වනුයේ, අල් කුර්ආනය, සුන්නාව හා ඒ දෙක සමඟ බැඳුණු දැනුමය. "ජනයා අතුරින් උගුලමින්" යනු: ජනයා අතර පවතින දැනුම අහසට ඔසවා එම දැනුම අත්පත් කර ගන්නේ නැත. "නමුත් දැනුම අත්පත් කර ගනුයේ" එනම් එය ඉවත් කරනුයේ "විද්වතුන් අත්පත් කර ගැනීමෙනි." එනම් ඔවුන් මරණයට පත් කොට ඔවුන්ගේ ප්රාණ ඉහළට ගනිමිනි. "එය ඔහු කිසිදු විද්වතෙකු ඉතිරි නොකරන තරම් වනු ඇත." එනම්: අල්ලාහ් කිසිදු දැනුමැත්තෙකුව ඔහුගේ ප්රාණය අත්පත් කර ගනිමින් මිස අතහැර දමන්නේ නැත යන්නයි. "ජනයා අඥානයින් නායකයින් බවට පත් කර ගනිති." එනම්: ජනයා ඔවුන් පාලකයින්, විනිසුරුවන්, තීරකයින්, නායකයින්, ප්රධානීන් ලෙස ගනිති. "ඔවුන්ගෙන් විමසනු ලැබූ විට ඔවුන් තීන්දු දෙනු ඇත." එනම්: දැනුමෙන් තොරව ඔවුන් පිළිතුරු දී තීන්දු කරති යන්නයි. එවිට ඔවුන්ද නොමග ගොස් (සෙසු ජනයාද) නොමඟ හරිනු ඇත. අඥානකම ලොව ආවරණය වී යයි. මෙම හදීසයේ දැනුම අත්පත් කර ගනු ලබන බවද අල්ලාහ්ගේ දහම වෙත ජනයාට මඟ පෙන්වන කිසිදු දැනුමැත්තෙකු ඉතිරි නොවන බවද ජනයා පිරිහී ඉන් පසුව නොමඟ යන බවද සංකේතවත් කොට සඳහන් කොට ඇත. බලන්න: මිර්කාතුල් මෆාතීහ් (1/460) රියාලුස් සාලිහීන් හි විග්රහය (5/452)