මෙම හදීස් දෙකෙහිම මිනිසාගේ ආශාවන්, ඔහුගේ අවසන් කාලය, ඔහුට බාධා පමුණුවන බාධක පිළිබඳ උපමා ගෙන හැර දක්වා ඇත. එම බාධකයන් අතුරින් එකකි මරණය. ඒවායින් ඔහු සුරක්ෂිතව සිටීයද ඔහුගේ කාලය අවසන් වන විට ඔහු වෙත මරණය පැමිණෙනු ඇත. මෙම ඉරි ඔහු සතු බාධක හා අනතුරුය. එකකින් සුරක්ෂිත වුව ද තවකකින් සුරක්ෂිත නොවෙයි. රෝගාබාධය හෝ ධනය විනාශ වීම හෝ මේ හා සමාන වෙනත් සියලුම ආකාරයේ උවදුරුවලින් ඔහු සුරක්ෂිතව සිටියද අවසානය ඔහු වෙත ළඟා වන්නේය. මෙම හේතූන් නිසා ඔහු මරණයට පත් නොවුද කාලය හේතුවෙන් මරණයට පත් වන්නේය. මෙවන් අන්ත්රරාවන්හි මිනිසා සිටිනුයේ එලෙසය. එවිට සමීප රේඛාව ඔහු දෙසට ගෙන ආවේය. එනම් එය අවසන් කාලයයි. තම ආශාවන් සීමා කර ගන්නටත් අවසන් කාලය ක්ෂණකිව පැමිණීම හේතුවෙන් එයට සූදානම් වන්නටත් මෙම හදීසයේ දිරි ගන්වා ඇත. විනාශය යන අර්ථය ගෙන දෙන නහ්ෂ් යන අරාබි පදය විෂ සහිත තුත්තිරිවලට පවසන ලද්දකි. එය විනාශය හා ඇතිවෙන හානියෙහි අතිශයෝක්තිකම පෙන්වා දෙන්නකි.