මෙම හදීසයේ තේරුම, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අසළින් මිනිසුන් දෙදෙනෙකු ගමන් කළෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු සමාජයේ පිළිගත් කෙනෙකි. එමෙන්ම ඔවුන් අතර කතාබහට ලක්වන අයකි. ඔහු විවාහ යෝජනාවක් කළ විට එම යෝජනාවට පිළිතුරු ලබන අයකි. ඔහු යමක් පැවසූ විට එයට සවන් දෙනු ලබන අයකි. දෙවැන්නා ඊට වෙනස් වූ කෙනකි. මුස්ලිම්වරුන් අතර සිටි දුර්වලයින් අතුරින් වූ මිනිසකෙි. ඔහුට කිසිදු වටිනාකමක් නොවීය. ඔහු විවාහ යෝජනාවක් කළ විට පිළිතුරු දෙනු නොලබන්නෙකි. ඔහු මැදිහත්වන මෙන් පැතූ විට ඔහු වෙනුවෙන් මැදිහත් වනු නොලැබේ. ඔහු කතා කළ විට ඔහුගේ කතාවට සවන් දෙනු නොලැබේ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-තුමා “ඔහු මෙන් අය මහපොළොව පිරෙන්නට තරම් සිටියත් ඔහුට වඩා මොහු උතුම්ය.“ යැයි පැවසූහ. එනම්: තම සමාජයේ ගරුත්වයක් ඇති ඒ මිනිසා මෙන් වූවන් මහපොළොව පිරෙන්නට තරම් සිටියත් මොහු උතුම්ය යන්නයි. හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ගරුත්වය, ප්රසිද්ධිය, පරම්පරාව, ධනය, හැඩරුව, ඇඳුම, යාන වාහන හා ගෙවල් දොරවල් දෙස නොබලයි. නියත වශයෙන්ම අල්ලාහ් බලනුයේ සිත හා ක්රියාව දෙසය. තවත් හදීසයක මෙසේ සඳහන් වී ඇත. “නියත වශයෙන්ම අල්ලාහ් ඔබේ හැඩරුව දෙස හෝ ඔබේ සම්පත් දෙස හෝ නොබලයි. නමුත් ඔහු බලනුයේ ඔබේ සිත හා ඔබේ ක්රියාව දෙසය.“ මෙය ඉමාම් මුස්ලිම් විසින් දන්වා ඇත. (හදීස් අංක 2564) තමන් අතර හා අල්ලාහ් අතර වූ විෂයයෙහි සිත නිවැරැදි කර ගනිමින්, අල්ලාහ් වෙත නැඹුරු වෙමින්, අල්ලාහ් මෙනෙහි කරන්නෙකු බවට පත්වෙමින්, ඔහුට බිය වෙමින්, ඔහු වෙත බැගෑපත් වෙමින්, ඔහු තෘප්තියට පත් දෑ ක්රියාවට නංවමින් කටයුතු කරන ඔහුය අල්ලාහ් අබියස ගෞරවණීය පුද්ගලයා වනුයේ. ඔහු අබියස තැනක් ඇත්තේ ඔහුටය. ඔහු අල්ලාහ් මත යමක් දිවූරු විට එය යහපත් අයුරින් ඉටු කරනු ඇත