මුස්ලිම්වරයකු තම සහෝදරයාට කවර වර්ගයේ ආයුධයක් වුව ද නො පෙන්විය යුතු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. හේතුව සැබැවින්ම තම අතෙහි ඇති ආයුධය ෂෙයිතාන් විසින් ක්‍රියාත්මක වන්නට සලස්වනු ඇතැයි ඔහු නොදන්නා බැවිනි. පසුව ඔහු ඔහුගේ සහෝදරයා මරා දමනු ඇත. එසේ නැතහොත් හානි කරනු ඇත. එවිට ඔහු අපා ගින්නේ ආගාදය තුළට සේන්දු කරවන පාපය තුළට ඔහු ඇද වැටෙනු ඇත.