නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සැමගේ නම් අතරින් අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වන්නේ, 'අබ්දුල්ලාහ්' හා 'අබ්දුර් රහ්මාන්' ය." صحيح - رواه مسلم
explain-icon

විවරණය

පිරිමි දරුවකුට නම් තැබීමේ දී අල්ලාහ් වෙත ඉතා ප්‍රිය මනාප වනුයේ "අබ්දුල්ලාහ්" යනුවෙන් හෝ අබ්දුර් රහ්මාන්" යනුවෙන් හෝ නම් තැබීම බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • කුර්තුබී තුමා මෙසේ පවසයි: මෙම නම් දෙක අතරට ඒ හා සමාන 'අබ්දුර් රහීම්, අබ්දුල් මලික්, අබ්දුස් සමද්' වැනි නාම ද ඇතුළත් වේ. අල්ලාහ්ට මේවා වඩාත් ප්‍රියමනාප වනුයේ: අල්ලා සතු ගුණාංග හා ඔහුට අනිවාර්යය වන ගුණාංග මෙන්ම මිනිසා සතු ගුණාංග සහ ඔහුට අනිවාර්යය වන ගුණාංග එහි අන්තර්ගත වන බැවිනි. එය ගැති භාවයයි. පසුව 'අබ්දු' නම් ගැතිභාවය යන වචනය පරමාධිපතියාණන් වෙත සම්බන්ධ වී ඇත. එය සැබෑ සම්බන්තාධවයකි. මෙම නාමය ඇති පුද්ගලයින්ට එය සහතික කරනු ඇත. මෙම ඇමණුමෙන් ඔහු ගෞරවටය පත් වෙයි. ඔහුට මෙම මහිමය හිමි වනු ඇත. සමහරු මෙසේ පවසා සිටියි. "මෙම නම් දෙක මත සීමා වීමේ ප්‍රඥාව නම්, අල්-කුර්ආනය තුළ අබ්දු නම් වචනය අල්ලාහ්ගේ වෙනත් නාම සමග සම්බන්ධ වී නොමැති වීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. 'අබ්දුල්ලාහ් නැගී සිටි විට ඔහුව ඇරයුම් කරනු ඇත.' තවත් වාක්‍යක 'ඉබාදුර් රහ්මාන්' යන්වෙන් සඳහන් වෙයි. එම ප්‍රකාශය සහතික කරමින් තවත් දිව්‍ය ප්‍රකාශකශයක් මෙසේ ය. 'ඔබ අල්ලාහ් යැ'යි ඇරයුම් කරනු. එසේ නැතහොත් රහ්මාන් යනුවෙන් ඇරයුම් කරනු. යැයි ඔබ පවසනු."