අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ. මුස්ලිම්හි සඳහන් හදීසයක. “ඒ දෙකින් වඩාත් කුඩාම ප්රමාණය වනුයේ උහද් කන්දේ ප්රමාණය මෙනි.” යනුවෙන් සඳහන්ව ඇත. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

උත්තරීතර අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි ඉතා සෙනෙහෙබරය. සමාව ලැබීමේ හේතු කාරණා ඔවුන් වෙනුවෙන් සූදානම් කර දීම ඔහු ප්රිය කරයි. ජනසා සලාතය හා එයට සහභාගීවීම පිළිබඳ උනන්දු කරවා ඇත්තේ එබැවිනි. සැබැවින්ම එම මැදිහත් වීම කරුණාව ලබන්නට හේතුවක් වනු ඇත. එබැවින් ඒ සඳහා සලාතය ඉටු කරන්නන්හට කීරාතයක කුසලක් නියම කළේය. එය වල දමන තෙක් එයට සහභාගී වන්නන්හට තවත් කීරතයක කුසලක් නියම කළේය. මෙය අල්ලාහ් අබියස නිර්ණය කරනු ලැබූ කුසල් අතර අති විශාල ප්රමාණයකි. එහි ප්රමාණය සහාබාවරුන්ට සැඟවුණු කල්හි ඔවුන්ගේ බුද්ධියට වැටහෙන පරිදි සෑම කීරාතයක්ම විශාල කදු මෙන් සමාන බව උපමා කර පෙන්වූහ. හේතුව එහි තම සහෝදර මුස්ලිම් වරයාගේ යුතුකම් ඉටු කිරීම, ඔහුට ප්රාර්ථනා කිරීම, ඔහුගේ අපේක්ෂාවන් මෙනෙහි කිරීම, මිය ගිය ඇත්තන්ගේ ඥාතීන් හා දැහැමියන්ගේ හදවත් සැනසීම එහි ඇති බැවිණි.