නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ භාණ්ඩ සම්බන්ධයෙන් භාරව කටයුතු කළ කිර්කිරා යන නමින් මිනිසෙකු විය. ඔහු මිය ගියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ පාපය සඳහා ඔහු අපා ගින්නේ දඬුවම් ලබනු ඇත. යැයි හෝ අල්ලාහ් ඔහුට සමාව නොදුන්නේ නම් අපා ගින්නේ සිටිනු ඇත යැයි හෝ දන්වා සිටියේය. සහාබාවරු ඒ සඳහා හේතූන් සොයා ගිය විට යුද්ධයෙන් අත්පත් කරගත් භාණ්ඩ අතරින් ඔහු සොරකම් කළ සළුවක් ඔවුනට ලැබුණෝය.