සකාතය පොහොසතුන් හා දුප්පතුන් අතර සැනසුම එකමුතුකම ඇති කරවන්නකි. මුදල් ස්වල්පයක් ඇත්තන්ගෙන් එය ගනු නොලබනුයේ එබැවිණි. එවැන්නන් පොහොසතුන් ලෙස ගණන් ගනු නොලබනු ඇත. ඒ අනුව ආගම නීතිගත කළ තැනැත්තා එය අනිවාර්යය වන්නන් හට අවම සීමාවක් පැහැදිළි කර ඇත. එම අවම සීමාවට අඩුවෙන් සතු තැනැත්තා, ඔහු දුප්පතෙකි. ඔහුගෙන් කිසිවක් ගනු නොලැබේ. රිදී සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ‘අවුක්’ පහක් තිබෙන තුරු සකාත් අනිවාර්යය වන්නේ නැත. සෑම ‘අවුක’යක්ම දිර්හම් හතළිහකි. ඒ අනුව එහි අවම ප්රමාණය දිර්හම් 200 වනු ඇත. එය ග්රෑම් 590කට සමාන වන්නේය. ඔටුවන් සතු තැනැත්තා වනාහි, ඔහු ළඟ ඔටුවන් පස් දෙනෙකු සිට ඉහළ යන තෙක් ඔහු කෙරෙහි ද සකාත් අනිවාර්යය වන්නේ නැත. එයට වඩා අඩු දෑ සකාත් නැත. ධාන්ය හා පළතුරු සතු වූවන් වනාහි එහි ද ඔහු සතුව අව්සුක් පහක් පවතින තෙක් සකාත් අනිවාර්යය වන්නේ නැත. ‘වසක්’ යනු ‘සාඃ 60කි. ඒ අනුව එහි අවම ප්රමාණය. සාඃ 300ක් වනු ඇත.