අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “කවරෙකු අපගේ කරුණක එහි නොමැති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.” බුහාරි හා මුස්ලිම්. මුස්ලිම්හි සඳහන් වාර්තාවේ: "අපගේ කටයුතු නොවන යම් ක්‍රියාවක් කවරෙකු සිදු කළේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි" යැයි සඳහන් වී ඇත. صحيح - متفق عليه