ජුමුආ දින ෆජ්ර් සලාතයේදී සූරා අස්-සජදා සම්පූර්ණයෙන්ම පාරායනය කිරීම, එනම් පළමු රකආතයේ සූරතුල් ෆාතිහාවට පසුව පාරායනය කිරීමත් දෙවන රකආතයේ සූරා අල් ෆාතිහාවට පසුව සූරා අල් ඉන්සාන් සම්පූර්ණයෙන්ම පරායනය කිරීමත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිරිතක් විය. එය එම සූරා දෙකෙහිම ඇතුළත් ආදම්ගේ මැවීම, නැවත නැගිටුවනු ලැබීම, ගැත්තන් එක්රැස් කිරීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් යනාදී ලෙසින් එදින සිදු වූ හා සිදුවන්නට යන වැදගත් සිදුවීම් මෙනෙහි කිරීමක් වශයෙනි.