බහ්ස් ඉබ්නු හකීම් තුමා තම පියාගෙන් ද හෙතෙම තම සීයාගෙන් ද ලබා මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය." حسن - رواه أبو داود والترمذي وأحمد
explain-icon

විවරණය

උපකාර කිරීමටත්, යහපත සිදු කිරීමටත්, යහපත් ලෙස ගනුදෙනු කිරීමටත්, මනා ලෙස ආශ්‍රය කිරීමටත්, මිතු දම් පෑමටත්, සම්බන්ධකම් පැවැත්වීමටත් වඩාත් උචිතම අය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිළි කරමින් එය මව යැයි පවසා සිටියහ. මව සතු වගකීම සහතික කරනු වස් එය තුන්වරක්ම පවසා ඇත්තාහ. එය සෙසු ජනයාට වඩා කිසිදු ව්‍යතිරේකයෙන් තොරව ඇය සතු මහිමය පැහැදිලි කිරීම පිණිසය. පසුව එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇයට පසුව යහපත කිරීමේ දී වඩාත් උචිත වනුයේ පියා බවත්, පසුව සමීප ඥාතීන් බවත්, පසුව අනෙකුත් ඥාතීන් බවත් දන්වා සිටියහ. වඩාත් සමීප වන සෑම අවස්ථාවකම දුරස්ව සිටින අයට වඩා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීම වඩාත් ප්‍රමුඛ වනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • හදීසය මෙහි දී ප්‍රමුඛතාවය දක්වා ඇත්තේ මවටය. පසුව පියාටය. පසුව සමීප ඥාතීන් හා අනෙකුත් ඥාතීන්ටය. එය සමීපවීමේ තරම අනුව පිහිටනු ඇත.
  • දෙමව්පියන්ගේ නිලය, විශේෂයෙන්ම මවගේ ස්ථානය පැහැදිලි කිරීම.
  • මෙම හදීසයේ මවට උපකාර කිරීම සම්බන්ධයෙන් තුන්වරක් පවසා ඇත. එය ඇගේ දරුවන් කෙරෙහි ඇය දක්වන ඇගේ කාර්යභාරය ඉමහත් වන බැවිනි. එමෙන්ම ඇය බලවත් සේ වෙහෙස හා දුෂ්කරතා දරාගෙන තම දරුවා කුසේ උසුලාගෙන, පසුව ප්‍රසූත කර, පසුව ඔහුට කිරි දීම හේතුවෙනි. මවගෙන් පසුව ඔහුව හදාවඩා ගැනීමේ දී හවුල් වනුයේ පියා ය.
explain-icon

අමතර