නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත මිනිසෙකු පැමිණ උත්තරීතර අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම යාමට හා ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට තම කැමැත්ත හා තම ආශාව එතුමාට දන්වා සිටියේය. මෙම පුද්ගලයා තම දෙමාපියන් අත හැර දමා පැමිණ සිටියේය. අබූ දාවූද් හි සඳහන් වාර්තාවක, ඔහු අහිමි වී යනු ඇතැයි යන බියෙන් ඔවුන් දෙදෙනා අඩමින් සිටි බව සඳහන් වේ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා: (ඔබේ දෙමව්පියන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර සිටියි දැයි) ඔහුගෙන් විමසා සිටියහ. ඔහු: එසේය දෙදෙනාම සිටිති යැයි පැවසීය. එසේ නම් ඔබ අල්ලාහ්ගෙන් ප්රතිඵල අපේක්ෂා කරන්නෙහිදැ?යි එතුමාණෝ විමසූහ. එසේය, යැයි ඔහු පැවසීය. එසේ නම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙදෙනා සමග සුහදව කටයුතු කරනු යැයි පැවසූහ.අබූ දාවූද් හි සඳහන් වාර්තාවක, ඔවුන් දෙදෙනා වෙත ගොස් ඔබ ඔවුන් දෙදෙනාව හැඩෙව්වාක් මෙන් ඔවුන් දෙදෙනා සිනස්සනු යැයි සඳහන්ව ඇත. තම වගකීමෙහි වඩාත් උචිත එමෙන්ම අනිවාර්යය කටයුත්ත වනුයේ තම දෙමාපියන් වෙත ගොස් ඔවුන් දොපොළ සමග යහතින් කටයුතු කිරීම වේ යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුට ප්රතිචාර දැක්වූහ. බුහාරි හා මුස්ලිම් හි සඳහන්: ඔවුන් දෙදෙනා විෂයයෙහි ඔබ කැපවනු. යන වාර්තාවට අනුව ඔවුන් දෙදෙනාට සේවය කිරීමත් ඔවුන් දෙදෙනා සතුටට පත් කිරීමත් ඔවුන් දෙදෙනාට අවනත වීමත් තම ජීවිතය නැමදුමෙහි කැප කිරීමකි. දෙමව්පියන්ට උපකාර කිරීම ඔවුන් දෙදෙනාට අවනත වීම ඔවුන් දෙදෙනාට උවටැන් කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට වඩා උතුම් යැයි වෙනත් හදීසයක පැහැදිලිව සඳහන්ව ඇත. ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කළ එවැනි හදීසයක් මෙසේය: අල්ලාහ්ගේ දූතයාණන් වෙත මිනිසෙකු පැමිණ ක්රියාවන්ගෙන් උතුම් වනුයේ කුමක් දැ?යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: සලාතය ඉටු කිරීම යැයි පැවසූහ. පසුව කුමක්දැ?යි විමසා සිටියේය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපිදීම යැයි පවසා සිටියහ. එවිට නියත වශයෙන්ම මට දෙමව්පියන් සිටිති යැයි ඔහු පැවසීය. එවිට එතුමා: ඔබේ දෙමව්පියන්ට උවටැන් කිරීම ශ්රේෂ්ඨය යැයි පැවසූහ. මෙය ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත. සැබැවින්ම මෙම හදීසය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට වඩා දෙමව්පියන්ට උවටැන් කිරීම උතුම් බව පෙන්වා දෙයි. නමුත් ජිහාද් කිරීම ෆර්ළු අයින් හෙවත් අනිවාර්ය කටයුත්තක් වූ විට එයට සහය වනු පිණිස ඔවුන් දෙදෙනාට අවනත වීමට වඩා ඒ වෙත මුල් තැන දිය යුතුය.