අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් අබියස අැති දඬුවම ගැන දේව විශ්වාසවන්තයා දැන ගන්නේ නම් කිසිවෙකු ඔහුගේ ස්වර්ගයට පිවිසීම ගැන ලෝභ නොවෙයි. එමෙන්ම දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ් අබියස අැති කරුණාව ගැන දැන ගන්නේ නම් කිසිවකු ඔහුගේ ස්වර්ගය ගැන බලාපොරොත්තු සුන් කර නොගනියි.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හදීසයේ තේරුම: ස්වර්ගය අනිවාර්යය වූ දේව විශ්වාසවන්තයා දේව ප්රතික්ෂේපකයින් හා නොමඟ ගියවුන් වෙනුවෙන් අල්ලාහ් අබියස වූ දඬුවම හා වේදනාව පිළිබඳ යථාර්ථය වටහා ගන්නේ නම් ස්වර්ගයට පිවිසීම ගැන ඔහු ලෝබ නොවෙයි. එවිට ඔහුගේ අාශාව වනුයේ, මිනිස් සිරුරුවලට දැරිය නොහැකි දැඩි වේදනාව හා දඬුවම් අැතුළත් එම නිරෙයන් මිදෙනුයේ කෙසේද යන්න ගැනය. ඊට ප්රතිවිරුද්ධව, දේව ප්රතික්ෂේපකයා, කරුණාන්විතයින් අතුරින් මහාකරුණාන්විතයාණන් වූ ද යථාර්ථයට ගරු කරන්නන්ගෙන් අති ගෞරවණීය වූ ද අල්ලාහ්ගේ කරුණාව පිළිබඳව වටහා ගන්නේ නම්, ඔහු අල්ලාහ්ගේ කරුණාව ගැන බලා පොරොත්තු සුන් කර නොගනියි. ස්වර්ගයට පිවිසීමට අාශා කරයි. අල්ලාහ්ගේ කරුණාවේ විශාලත්වය වටහා ගනියි. එමෙන්ම ඔහු සමාව දානය කරන්නා යැයිද වටහා ගනියි.

explain-icon

අමතර