අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව ජාබිර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම රාත්රියේ හෝරාවක් ඇත. මෙලොව හා මතුලොව කරුණක් පිළිබඳ යහපතක් මිනිසෙකු අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට, එය(එම හෝරාව)ට සමාන්තරව පිහිටියේ නම් එය ඔහුට පිරිනමනු මිස නැත. එය මුලු රාත්රියේම වේ.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සෑම රාත්රියකම ප්රාර්ථනාව පිළිගන්නා හෝරාවක් ඇත. එම හෝරාවට සමානව වන සේ මුස්ලිම් ගැත්තෙකු ප්රාර්ථනාවෙහි නිරත වූ විට ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙනු ඇත. වෙනත් සහීහ් මූලාශයන් හි සඳහන් පරිදි එය රාත්රියෙන් තුනෙන් අවසන් කොටසේ පිහිටා ඇති බවය.