ප්රාර්ථනා කරන්නන් අතරින් කණ්ඩායම් තුනක ප්රාර්ථනාවන් තුන කිසිදු සැකයකින් තොරව පිළිගනු ලබනු ඇත. අපරාධයට ලක් වූ අයගේ ප්රාර්ථනාව. එසේ අපරාධයට ලක් වූ තැනැත්තා දේවත්ය ප්රතික්ෂේප කරන්නකු වුවද එසේ අසාධාරණයට ලක්ව අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටි විටෙක සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු සපයනු ඇත. මගියාගේ ප්රාර්ථනාව වනාහි, ඔහු ගමන් ගනිමින් සිටියදී අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කළ විට එය පිළිගනු ලබනු ඇත. පියාගේ ප්රාර්ථනාව වනාහි, එය පියාගේ හෝ මවගේ හෝ ප්රාර්ථනාව වේවා එක සමානය. තම දරුවාට පක්ෂව හෝ ඔහුට එරෙහිව හෝ වේවා එක සමානය.