මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සමග කතා නොකරන ඔවුන්ව පිරිසිදු නොකරන ඔවුන් දෙස අවධානය යොමු නොකරන කණ්ඩායම් තුනක් මිනිසුන් අතර වෙති. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. එනම්, කාම අපචාරයේ යෙදෙන වයසට ගිය වැඩිහිටියා, බොරු කියන පාලකයා, අහංකාරකම් පා වෙනත් අය අවමානයට ලක් කරන දුප්පතා.