අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාර්ගවල වාඩිවී සිටීම ගැන මම නුඹලාට අවවාද කරමි.” ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ සභාවන්හි වාඩි වී එහි කතා කිරීම අපට අවශ්ය කරුණක් වී ඇත. එවිට එතුමා: “නුඹලා එසේ ප්රතික්ෂේප කරන්නෙහු නම් මාර්ගයට එහි අයිතිය පිරිනමනු.” යැයි පැවසූහ. ඔවුහු: එහි අයිතිය කුමක්දැයි විමසුවෝය. එතුමා: බැල්ම පහත හෙළීම, හානිය වළක්වා ගැනීම, සලාමයට පිළිතුරු දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම වේ” යැයි පිළිතුරු දුන්හ. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

මාර්ගවල වාඩි වී සිටීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහාබාවරුන්ට අවවාද කළෝය. එවිට ඔවුහු ‘එය අපට අවශ්ය වී ඇත’ යැයි පැවසුවෝය. එවිට එතුමා: නුඹලා එසේ වැළකී වාඩි වී සිටීමට නුඹලාට අවශ්යය වූ විටක මාර්ගයේ අයිතිය පිරිනැමීම නුඹලාට අනිවාර්යය වන්නේය යැයි පැවසූහ. එවිට ඔවුහු මාර්ගයේ අයිතිය කුමක්දැ?යි ඔවුහු එතුමාගෙන් විමසුවෝය. එවිට එතුමා ඔවුනට මෙසේ දැන්වීය. ඔවුන්ගේ ඉදිරියෙන් ගමන් කරන කාන්තාවන් දෙස බැල්ම හෙලීම මැඩගැනීම, මගීන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ හිංසා කිරීම වැළකීම, තමන් වෙත සලාම් පවසන්නන්හට ප්රතිචාර දැක්වීම, යහපත නියෝග කිරීම, ඔවුන් ඉදිරියේ යම් පිළිකුල් සහගත කරුණක් දුටු විට එය වැළැක්වීම ඔවුනට අනිවාර්යය වේ.