සැබැවින්ම මිනිසකු තම නිවසින් පිට වන විට “බිස්මිල්ලාහි තවක්කල්තු අලල්ලාහි ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ්” (අල්ලාහ්ගේ නාමයෙනි. අල්ලාහ් වෙත විශ්වාසය තබමි. කිසිදු හැරීමක් හෝ බලයක් හෝ අල්ලාහ්ගෙන් මිස සිදු වන්නේ නැත.) යැයි පවසා සිටියේ නම්, දේව දූතයකු මෙසේ පවසයි: ‘අහෝ අබ්දුල්ලාහ්! ඔබ සත්යයේ මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය. ඔබේ අපේක්ෂාවන් ඔබට ප්රමාණවත් විය. සතුරන්ගෙන් ආරක්ෂාව ලැබිණ යැයි පවසයි. එවිට ඔහු වෙත නැඹරු වූ ෂෙයිතාන් ඔහුගෙන් දුරස් වන්නේය. ෂෙයිතානුවෙක් තවත් ෂෙයිතානුවෙකු බලා: “මඟ පෙන්වනු ලැබූ; සෑහීමට පත් කරනු ලැබූ; සියලු ෂෙයිතානුන්ගෙන් ආරක්ෂා කරනු ලැබූ මිනිසෙකු මුළා කරන්නට ඔබට හැකි වන්නේ කෙසේද? සැබැවින්ම ඔහු මෙම අනුවාදය ප්රකාශ කර ඇත. එබැවින් ඒ සඳහා නුඹ ශක්තිය නොදරනු ඇත.” යැයි පවසයි.