අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. එතුමා සාබිත් තුමාට මෙසේ පැවසීය. අල්ලාහ් ඔහුට ආශිර්වාද කරත්වා අල්ලාහ්ගේ දූතයාණන්ගේ රෝග නිවාරණ කර්මයකින් ඔබට ආරක්ෂාව සලසන්නදැයි පැවසූහ. එවිට ඔහු එසේ යැයි පැවසූහ එවිට එතුමා: اللَّهُمَّ رَبَّ النَّاسِ، مُذْهِبَ البَأسِ، اشْفِ أنْتَ الشَّافِي، لاَ شَافِيَ إِلاَّ أنْتَ، شِفَاءً لاَ يُغَادِرُ سَقماً “අල්ලාහුම්ම රබ්බන් නාස් මුද්හිබල් බඃසි. ඉෂ්ෆි අන්තෂ් ෂාෆී. ලා ෂාෆිය ඉල්ලා අන්ත, ලා යුගාදිරු සකමා“ තේරුම: අහෝ ජනයාගේ පරමාධිපතියාණනි! දුක් කරදර පහ කරන්නාණනි! ඔබ සුවය දෙනු මැනව. සුවය දෙන්නා ඔබය. ඔබ හැර සුවය දෙන්නකු නැත. එය මනා සුවයක් ලෙසිනි. එය රෝගී ලෙස අතහැර නොදමයි. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සැබැවින්ම අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු තුමා සාබිත් අල් බනානී වෙත ආරක්ෂාව පතා ප්රාර්ථනා කළහ. අල්ලාහ්ගේ දූතයාණන් රැකවරණය පැතූ ප්රාර්ථනාවක් තුළින් මම ඔබට ආරක්ෂාව සලසන්නදැයි පැවසූහ. පසුව එතුමා රෝගියාගෙන් රෝගය ඉවත් කරන ලෙසත් එහි ඇති දුෂ්කරතාව හා වේදනාව පහකරන ලෙසත් රෝගියා වෙනුවෙන් තම පරමාධිපතිගෙන් අයැද සිටියහ. එමෙන්ම ඉන් පසු නැවත රෝගය නොඑන අයුරින් සුවයක් ඇති කරන මෙන්ද පැතූහ.කොන්දේසි තුනක් යටතේ එසේ ආරක්ෂාව පැතීම අනුමත බව විද්වතුන් ඒකමතිකව තීරණය කොට ඇත. 1. එය අල්ලාහ්ගේ වදනින් එසේ නැතිනම් ඔහුගේ නාමයන් හා ගුණාංග ඉදිරිපත් කරමින් විය යුතුය. 2. එය අරාබි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවක් නම් අර්ථය තේරෙන අයුරින් විය යුතුය. නමුත් හදීස්හි සඳහන්ව පැමිණ ඇති පරිදි ප්රකාශයන් ඉදිරිපත් කොට ප්රාර්ථනා කිරීම සතුටු දායකය. 3. සැබැවින්ම තමන් පතන රැකවරණයෙන් පමණක් බලපෑමක් ඇති නොවන බවත් එය අල්ලාහ්ගේ තීරණය පරිදි සිදුවන්නක් බව විශ්වාස කිරීම.

explain-icon

අමතර