කාන්තාවක් ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය මුණ ගැසී, තමන්ගේ නැමදුම් හා සලාතය පිළිබඳ මෙනෙහි කරමින් සිටියාය. ආඉෂා තුමිය එය අල්ලාහ්ගේ දූතයාණන්හට -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- දන්වා සිටියාය. එවිට නැමදුමෙහි සීමාව ඉක්මවා යාමත් තමන් ශක්තිය නොදරන දෙයක තම ආත්මය බර කර ගැනීමත් එතුමා ඇයට තහනම් කළහ. එමෙන්ම නියත වශයෙන්ම අල්ලාහ් ඔබ විඩාවට පත් වී අතහැර දමන තෙක් ඔබ වෙහසින් කරන ක්රියාවන් සම්බන්ධයෙන් අල්ලාහ් විඩාවට පත් නොවෙයි. එහෙයින් ඔබට කුසල් හා භාග්යය නිරතුරුව ලබනු පිණිස ඔබ අඛණ්ඩව සිදු කළ හැකි දෙයක් ක්රියාවට නැංවීම අවශ්ය වේ යැයි එතුමා පැවසුහ.