මෙලොවෙහි බිරියක් තම සැමියා වේදනාවට පත් කිරීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වැළැක්වූහ. නියත වශයෙන්ම එම සැමියා මෙලොවෙහි ආගන්තුකයෙකි, අමුත්තෙකි. ඉතා සමීපයෙන් මෙලොවින් සමුගෙන මතුලොවට ගමන් කරනු ඇත. ඔහු ස්වර්ගයට ඇතුල් වී මතුලොවෙහි ස්වර්ග කන්යාවියන්ගේ භාග්යයට හිමි වනු ඇත.