සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ අලී තල්ක් ඉබ්නු අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “පුරුෂයකු තම අවශ්යතාව සඳහා තම බිරියව ඇරයුම් කළ විට, ඇය ලිප මොළවමින් සිටිය ද ඔහු වෙත ඇය යා යුතු වේ.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ස්වාමිපුරුෂයා ලිංගික අවශ්යතාවක් සඳහා තම බිරිය ඇරයුම් කළ විට, ඇය ආහාර පිසීම රෝටි පිච්චීම වැනි කටයුත්තක කාර්ය බහුලව සිටියද ඔහුට පිළිතුරු දීම ඇයට අනිවාර්යය වන්නේය.