අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව අබූ මූසා අල් අෂ්අරී -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ((නියත වශයෙන්ම අෂ්අරීන්වරු යුද්ධයේදී යුධ මෙවලම් හිග වූ විට හෝ මදීනාවේ ඔවුන්ගේ පරපුරට ආහාර අඩු වූ විට හෝ ඔවුන් ළග තිබෙන දෑ එක් රෙද්දකට දමා එක්රැස් කොට පසුව ඔවුන් එය එක් භාජනයක් තුළින් සමාන සේ ඔවුන් අතර බෙදා ගනිති. එහෙයින් ඔවුන් මාගෙන් වූවන්ය. මා ද ඔවුන්ගෙන් වෙමි. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

නියත වශයෙන්ම අෂ්අරීන්වරු වනාහි අබූ මූසා-රළියල්ලාහු අන්හු- තුමාගේ ජනයාය.ඔවුන්ගේ ආහාර හිඟ වූ විට හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා යුද්ධයට සහභාගී වූ විට හෝ ඔවුන්ගේ ආහාර එක්රැස් කොට එය සමාන සේ ඔවුන් අතර බෙදා හරිති. එහෙයින්, අල්ලාහ්ගේ දූතයාණන්-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-වෙත සෙනෙහසින් හා ගෞරවයෙන් යුතුව සම්බන්ධකම් පැවැත්වීමට ඔවුහු සුදුසුකම් පෑවෝය.එතුමා -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-ද මෙම උදාර ගුණාංගය පිළිබඳ දිරි ගන්වමින් එය පිළිපැදීම අත්යවශ්ය බව පෙන්වා දෙමින් ඔවුන්ගේ මාර්ගයේ සිටම ඔවුන් සමග කටයුතු කළහ.