අහෝ අල්ලාහ්! අප අතර ජීවතුන් අතර සිටින්නන්ටත් අප අතර මියගිය ඇත්තන්ටත්, අපගේ කුඩා දරුවන්ටත්, අපගේ වැඩිහිටියන්ටත් අපගේ කාන්තාවන්ටත්, අප ඉදිරියේ සිටින්නන්ටත් අප ඉදිරියේ නොවන්නන්ටත් යන සියලු දෙනා හට සමාව දෙනු මැනව. අහෝ අල්ලාහ්! ඔබ අප අතුරින් කවරෙකු ජීවත් කරවන්නේද ඔහුව ඉස්ලාමීය ෂරීආව පිළිපඳිමින් ජීවත් වන්නට ඉඩ සළසනු මැනව. තවද ඔබ අප අතුරින් කවරෙකුගේ ප්රාණය අත්පත් කර ගන්නේද ඔහුව දේව විශ්වාසය මත එය අත්පත් කර ගනු මැනව. අහෝ අල්ලාහ්! ඔහු සම්බන්ධයෙන් වූ කුසල් අපට තහනම් නොකරනු මැනව. ඔහුගෙන් පසුව අපව නොමඟ නොයවනු මැනව. යන අර්ථයෙන් යුත් ප්රාර්ථනාව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ප්රාර්ථනා කොට ඇත.