නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව, ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “අළුයම විත්ර් (ඉටු කිරීම) සඳහා යුහුසුළු වන්න.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

හදීසයේ තේරුම: අවසන් රාත්රිය දක්වා විත්ර් සලාතය ප්රමාද කිරීම සතුටුදායකය. නමුත් විත්ර් සලාතය අවසන් රාත්රිය දක්වා ප්රමාද කිරීමට අපේක්ෂා කරන්නා ෆජ්ර් උදාවට පෙර එය ඉක්මණින් ඉටු කිරීමට වගබලා ගත යුතුය. හේතුව රාත්රී සලාතයේ අවසන් වේලාව ෆජ්ර් උදාව වේ. එසේ නම් විත්ර් ඉටු කිරීමට පෙර ෆජ්ර් උදා වූ විට එහි මහිමය මඟ හැරී යනු ඇත.

explain-icon

අමතර