නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්රියේ විත්ර් සලාතය ඉටු කළ වේලාව පිළිබඳව දේව විශ්වාසීන්ගේ මාතාවක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියාය. සැබැවින්ම එතුමා නියමිත වේලාවක් ඒ සඳහා නියම කළේ නැත. රාත්රියේ සෑම හෝරාවකම පාහේ විත්ර් ඉටු කර ඇත්තාහ. ඇතැම් විට ඉෂා සලාතය ඉටු කරන මොහොතේ ඉටු කර ඇත. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඉන් පසුව ද එතුමා ඉටු කර ඇත. ඇතැම් විට රාත්රියෙන් තුනෙන් කොටසක් ගත වීමෙන් පසුව මධ්යම රාත්රියේ ඉටු කර ඇත. තවත් විටෙක රාත්රිය අවසානයේ එහි තුනෙන් කොටස් දෙකක් ගත වීමෙන් පසු ඉටු කර ඇත. මෙසේ රාත්රියේ අවසන් හෝරාව දක්වාම එතුමාණන් විත්ර් සලාතය ඉටු කර ඇත.