අල්ලාහ් තම දූතයාණන් වෙත පහළ කළ දෑ ඉගෙනීමෙන් දුරස්ව සිටි බැවින් ගැමිආරාබිවරුන්ගේ පුරුද්දක් වශයෙන් අඥානකම හා නොදැනුවත්කම ව්යාප්තව පැවතුණි. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා මස්ජිදුන් නබවිහි සහාබාවරුන් අතර සිටි කල්හි ගැමි අරාබිවරයකු එහි පැමිණ එහි එක් කොණක මිදුල යැයි සිතා මූත්ර කළේය. මස්ජිදයේ ගෞරවය පිළිබඳ හඳුනා සිටි සහාබාවරුන්ට එය මහත් කරුණක් විය. නමුත් ශුභාරංචි සමඟ හා පහසුව සමඟ එවනු ලැබූ ගෞරවණීය මැවීම්හි මිතුරා වූ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගැමි අරාබිවරුන්ගේ තත්ත්වය දැනගත් කල්හි මස්ජිදයේ හැමතැනම අපවිත්ර දෑ නොතැවරෙනු පිණිසත් තම ශරීරයට හෝ තම ඇඳුමට නොතැවරෙනු පිණිසත් මූත්ර කිරීම විසන්ධි කිරීමෙන් ඔහුට හානියක් නොවනු පිණිසත් තම උපදෙස හා ඉගැන්වීම පිළිගන්නා අයුරින් ඇරයුම් කිරීම පිණිසත් එතුමා ඔවුන් ඔහුගෙන් වැළැක්වූහ. එය ගැන නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා ඔහුට ඉගැන්වූ කල්හි ඔහු මූත්ර කළ ස්ථානය ජල බඳුනක් වක්කොට පිරිසිදු කරන මෙන් සහාබාවරුන්ට අණ කර සිටියහ.