අස්-සාඉබ් ඉබ්නු යසීද්-රළියල්ලාහු අන්හු- තුමා තමන් ඉදිරියේ සිදුවූ සිදුවීමක් පිළිබඳ මෙසේ විස්තර කළහ. එනම් උමර් තුමාගේ කාලයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ හඬනගා කතාකරමින් සිටි මිනිසුන් දෙදෙනෙකු විය. එය උමර් -රළියල්ලාහු අන්හු-තුමාගේ කණට වැටුණි. එවිට එතුමා අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමාට කුඩා ගල්කැටවලින් ගැසූහ. එය එම පුද්ගලයින් දෙදෙනා එතුමා වෙතට ගෙන ඒමේ අරමුණෙනි. අස්සාඉබ් ඉබ්නු යසීද් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ පවසා සිටියහ. මම ඔවුන් දෙදෙනා කැඳවා ගෙන ආවෙමි. ඔබ දෙදෙනා කොහෙ සිට පැමිණියේ දැයි විමසූහ. එවිට ඔවුන් දෙදෙනා තාඉෆ් වාසීන් අතුරින් වෙමු යැයි පැවසුවෝය. එතුමා, ඔබ දෙදෙනා මෙම ප්රදේශයේ උදවිය වූයෙහු නම්, මම ඔබ දෙදෙනාට පහර දී දඬුවම් කරමි. අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ ඔබ දෙපළ හඬ නගන්නෙහුය, යැයි පැවසූහ. එනම් ඔබ දෙදෙනා මදීනා වාසීන් අතුරින් වී නම්, අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මස්ජිදයේ හඬ නගා කතා කිරීම හේතුවෙන් මම ඔබ දෙදෙනාට දඬුවම් කර ඇත්තෙමි යන්නයි. ඔවුන් දෙදෙනා මදීනාවාසීන් අතුරින් නොවූ බැවින් ඔවුන් දෙදෙනාගේ නොදැනුවත්කම නිසා ඔවුන් දෙදෙනාට එතුමා අවවාද කළහ. හේතුව මොවුන් දෙදෙනාගේ තත්ත්වය මෙන් වූ තත්ත්වයක සිටින්නන්ට ෂරීආ නීතිය බොහෝ දෑ සැඟවී ඇති බැවිනි.