අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පලතුරු පරිභෝජනයට සුදුසු අයුරින් හට ගන්නා තෙක් ඒවාවෙළෙඳාම් කිරීම තහනම් කළේය. එය විකුණන්නාට හා මිල දී ගන්නාට තහනම් කළේය. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත