වංචාසගත ව්යාපාර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තහනම් කළේය. එය ගනුදෙනු කරුවන්ගෙන් කිසිවකුට හෝ විකිණීමේදී හෝ මිලදී ගැනීමේදී හෝ තමන් සතු අයිතියක් අහිමි කිරීමෙන් හිංසා පමුණුවීම එහි ඇතුළත්ව ඇති බැවිණි. එය විකුණන්නාට හෝ මිලදී ගන්නාට හෝ ඔවුන් දෙදෙනාටම හෝ නොදැනුවත් ව්යාපාරික භාණ්ඩයක් වීම මෙනි. මුනාබදා ව්යාපාර ක්රමය ද ඒ අතරින් එකකි. උදාහරණයක් ලෙස ව්යාපාරිකයා පාරිභෝගිකයා වෙත ඇඳුම් ඉදිරිපත් කරයි. එය පෙරළා පෙන්වන්නට හෝ ඒ දෙස බලන්නට කලින් ගනුදෙනුව අවසන් කර ගනී. මුලාමසා ව්යාපාර ක්රමය ද ඒ හා සමාන තවත් එකකි. එය ඇඳුම දෙස බලන්නට හෝ පෙරළන්නට මත්තෙන් එය ස්පර්ශ කිරීමෙන් පමණක් ව්යාපාර ගිවිසුම ඇති කර ගන්නාක් මෙනි. මෙම ගිවිසුම් දෙකම ගිවිසගත් භාණ්ඩයේ නොදැනුවත් කම හා වංචාව ඇති කරන්නක් වේ. ඒ අනුව ගනුදෙනු කළ අයගෙන් එක් අයකු ණය ගැත්තෙකු හෝ ණය හිමියකු යන අවධානමට පත්වනු ඇත. එහෙයින් ඒ දෙදෙනාම තහනම් කරන ලද දෑට ප්රවේශ වනු ඇත.