අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ: උරුමය විකිණීමෙන් හා එය පරිත්යාග කිරීමෙන් තහනම් කළහ. පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

උරුමය යනු ඥාතී සම්බන්ධතාව මෙන් එකට වියන ලද්දාවූ සම්බන්ධතාවකි. නියත වශෙයන්ම ඒ් සෑම එකක්ම උපයා ගනු ලබනුයේ කිසිදු ව්යාපාරයකින් හෝ පරිත්යාගයකින් හෝ ඒ හැර වෙනත් මාර්ගයකින් හෝ නොවේ. එහෙයින් ව්යාපාරයකින් හෝ ඒ හැර වෙනත් දෙයකින් හෝ ඒ සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම සුදුසු නොවන්නේය. සැබැවින්ම එය ඥාතී බැඳියාවයි. එය මිය යන අය හා ජීවතුන් අතර සිටින පුද්ගලයා අතර පවතින සම්බන්ධතාවයි. ඒ අනුව දෙවැන්නාගෙන් පළමුවැන්නා උරුම කර ගනී. එම උරුමය විකිණීමෙන් හා පරිත්යාග කිරීමෙන් තහනම් කර ඇත්තේ, එය ඉවත් වීමෙන් ඉවත් නොවන ඥාතී බැඳියාවක් මෙන් එය පත්වනු පිණිසය. එහෙයින් සැබැවින්ම මිනිසකු තම සහෝදරයාගෙන් ඥාතීත්වය විකුණන්නේ නම්, එම ව්යාපාරය සුදුසු නොවන්නකි. එසේ නැතිනම් තම දරුවන්ගෙන් වූ ඥාතීත්වය විකුණන්නේ නම් එම ව්යාපාරයද සුදුසු නොවන්නකි. එමෙන්ම තම පිය පාර්ශවයේ පුතෙකුගෙන් වූ ඥාතිත්වය විකුණන්නේද එම ව්යාපාරය සුදුසු නොවේ. ඥාතිත්වය විකුණනු ලබන්නක් නොවේ. එම උරුමයද එලෙසමය.

explain-icon

අමතර