ආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අඹුව සමග ඇසුරු කිරීම හේතුවෙන් ජුනුබ් තත්ත්වයට පත් ව සිටිය දී එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වන්නට විය. පසු ව එතුමා ස්නානය කර උපවාසයේ නිරත වූහ.” පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

ආඉෂා හා උම්මු සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ දන්වා සිටියි. “සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) රාත්රියේ සංසර්ගයේ නිරත වෙයි. ඇතැම් විට එම කිලිටි තත්ත්වයේම ස්නානය නොකරම එතුමාණන්ට ෆජ්ර් (අලුයම) උදා වෙයි. එතුමා උපවාසය කල් නෙදමා සම්පූර් කරයි. මේ දෙදෙනාගේ මෙම වාර්තාව මර්වාන් බින් හකම් ඔවුන් දෙදෙනා වෙත ඒ ගැන අසන මෙන් පවසා යවනු ලැබූ අවස්ථාවේ දෙනු ලබන පිළිතුරක් විය. මෙම නීතිය රමළානයේ මෙන්ම වෙනත් දිනවලටද අදාළය.