නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙනුවෙන් එතුමාගේ මිස්වාක් දැහැටිය හා රාත්රියේ වුළූ ධෝවනය කිරීම සඳහා ජලය තමන් සූදානම් කරන බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කර සිටියාය. පසුව අල්ලාහ් එතුමාව නින්දෙන් අවදි කරවයි. එනම් රාත්රියේ වේලාවක. එසේ එතුමාණන් අවදි වූ විට, පොදුවේ නින්ද හේතුවෙන් කටින් හමන දුගද ඉවත් කරනු පිණිස එම දැහැටියෙන් එතුමා එතුමාගේ දත් මදින්නට ආරම්භ කරයි. පසුව වුළූ ධෝවනය කරයි. අනතුරුව රාත්රී සලාත් ඉටු කරයි.