මැවීම්හි ආරම්භය පිළිබඳ සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මෙහි දන්වා සිටියහ. සැබැවින්ම මලක්වරු ආලෝකයෙන් මවනු ලැබූවන් බව සිහිපත් කළහ. එහෙයින් ඔවුන් සියලු දෙනා අල්ලාහ්ට පිටු නොපාති. ඔහුට ගැතිකම් කිරීමට උඩඟු නොවෙති. ජින්නුන් වනාහි, නියත වශයෙන්ම ඔවුන් ගින්නෙන් මවනු ලැබූවන් යැයි එතුමා පවසා සිටියහ. එහෙයින් සතුරුකම, ක්රෝධය, වෛරය වැනි ගුණාංගවලින් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වර්ණනා කරනු ලබති. එමෙන්ම ආදම් තුමාව මවනු ලැබුවේ ඔබට මෙනෙහි කළ දැයින් යැයි සඳහන් වේ. එනම්, මිනිසා මැටියෙන්, පසින්, හඬක් ඇති වියළි මැටියෙන් මවනු ලැබූ බව සිහිපත් කර සිටියි. හේතුව, පස් මැටි බවට පත් වෙයි. පසුව එය හඬක් ගෙන දෙන වියළි මැටි භාණ්ඩයක් බවට පත් වෙයි. එයින් ආදම් අලය්හිස් සලාම් -තුමා මවනු ලැබීය.