මෙහි ප්රචාරය හූනියම ලිහීමය. හසන් තුමාගේ ප්රකාශයේ මතුපිටින් පෙනෙන්නේ පොදුවේ එය තහනම් කර ඇති බවයි. ඊට හේතුව හූනියම් ගැන දන්නා කෙනෙකුට මිස හූනියම ලිහීමට වෙනත් කිසිවකුට නොහැකි වීමය. හූනියම ඒ හා සමාන හූනියමකින් ලිහීම මෙහි අන්තර්ගත වී ඇත. එය ෂෙයිතාන්ගේ ක්රියාවකි. ඉබ්නු අල් කය්යුම් තුමා ඉන් ඇති වන දේ මෙසේ පැහැදිලි කළේය. හූනියම් කරන ලද්දකට අනුමත ප්රාර්ථනාවන් තුළින් හා අල් කුර්ආනය තුළින් ප්රතිකාර කිරීම අනුමත ක්රියාවකි. නමුත් එය හූනියම මගින් ප්රතිකාර කිරීම තහනම් කරන ලද්දකි.