අෂ්දක් හෙවත් රළු හඬක් ඇත්තා යැයි ප්රසිද්ධියට පත් අම්ර් ඉබ්නු සඊද් ඉබ්නු අල් ආස් තුමා මක්කාව වෙත සේනාවක් සූදානම් කොට යැවීමට සිතූ කල්හි, එදින එතුමා මදීනාවෙහි යසීද් ඉබ්නු මුආවියා යටතේ අබ්දුල්ලාහ් ඉබ්නු සුබෙයිර් -රළියල්ලාහු අන්හුමා- සමග සටන් වදින්නට සෙන්පතියෙකු ලෙස පෙනී සිටියේය. අබූ ෂුරෙය්හ් කුවය්ලිද් ඉබ්නු අම්රුල් කුසාඊ තුමා එතුමා වෙත ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට පැමිණියහ. උපෙදස් දෙනු ලබන කරුණ ඔහුගේ සිතෙහි මහත් දෙයක් විය. අබූ ෂුරෙය්හ් එහි යථාර්ථය පෙන්වා දෙන්නටත් මඟපෙන්වන්නටත් ඔහු සමග කතාවෙහි යෙදුණහ. එය තම උපදෙස පිළිගැනීමට හා යහපත් අවසානයක් වෙත ඇරයුම් කරනු පිණිසය. කවර කරුණක් සඳහා ඔහු පිටත්ව යන්නේද ඒ ගැන උපදෙස් දෙන්නට ඔහුගෙන් අවසර පැතූහ. පසුව තමන් ඔහුට දන්වා සිටින දෑ නිවැරදි යැයි ස්ථීර ලෙස දන්වා සිටියේය. එය සැබෑවක් බව ස්ථීර කළේය. එනම්, නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ ගැන කතා කරන විට තම කන් දෙකින් සවන්දී තම සිතින් පිළිගෙන තම දෑසින් දැක ඇති බව අවධාරණය කරමිනි. ඒ අනුව අම්ර් ඉබ්නු සඊද් තුමා කතා කිරීමට අවසර දුන්හ. පසුව අබූ ෂුරෙය්හි මෙසේ පැවසූහ. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මක්කා ජයග්රහණ දින උදෑසන අල්ලාහ්ට ප්රශංසා කොට ඔහුව පැසසුමට ලක් කොට මෙසේ ප්රකාශ කළහ. සැබැවින්ම මක්කාව අහස් හා මහපොළොව මැවූ දා පටන් ගෞරවයට පත් කොට ඇත. එය ගරුබුහුමන් කිරීමට පුරාණ හා පිරිසිදු ස්ථානයකි. තාවකාලික නවාතැනකට හෝ ආහාර බුදින ස්ථානයකට හෝ ජලය ඇති ස්ථානයකට මිනිසා ගෞරවය කරන්නක් මෙන් එයට ගෞරවය නොකළේය. සැබැවින්ම අල්ලාහ් එහි ගෞරවත්වය භාර ගත්තේය. එය එහි මහිමය සදා රැඳීමටත් ප්රචලිත වීමටත්ය. එහි ගරුත්වය පුරාතන වුවද අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පුද්ගලයකු තම විශ්වාසය රකින්නේ නම් එහි රුධිරය හැළීම හෝ එහි ගස් උගුලා දැමීම හෝ අනුමත නොවන්නේය. ෆත්හු මක්කාහ් දිනයේ සටන් කිරීමට අවසරය දෙන ලදී. සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයාණන් මෙන් නොවේ. සැබැවින්ම එසේ අවසර දෙන ලැබුවේ එතුමාණන්ට පමණය. නමුත් ඔබට අවසර දෙනු නොලැබීය. එ් අනුව එහි කිසිදිනක සටන් වැදීම අනුමත කරනු නොලැබීය. එය දහවල් කාලයේ එක් හෝරාවක් පමණක් විය. එයද අවශ්යතාවට අනුකූලය. එහි තිබූ ගෞරවය නැවතත් තිබූ අයුරින්ම පැමිණ ඇත. සහභාගීවී සිටින්නා සහභාගී නොවූ අයට දන්වා සිටිය යුතුය. එබැවින් අහෝ සෙන්පතියානනි! මක්කා ජයග්රහණ දින උදෑසන පැවසූ මෙම ප්රකාශයට මම පෙනී සිටියෙමි. මම ඔබට දන්වා සිටිමි. නමුත් ඔබ එහි පෙනී සිටියේ නැත යැයි පැවසූහ. එවිට ජනයා අබූ ෂුරෙය්හ්ගෙන් අම්ර් තුමා ඔබට පිළිතුරු දුන්නේ කුමක්ද? යැයි විමසීය. අහෝ අබූ ෂුරෙය්හි ඒ ගැන මම ඔබට වඩා මැනවින් දනිමි. සැබැවින්ම එම ගරුත්වය පාපියෙකු හා විනාශකාරී ලෙස පළා යන්නෙක් ආරක්ෂා නොකරයි. යැයි පැවසූහ. ඔහුගේ අදහසට හදීසය පටහැනි විය. ඉබ්නු සුබෙයිර් සමග සටන් කිරීම සඳහා සේනාවන් යැවීමෙන් ඔහු වැළකුනේ නැත. ඒ මතම රැදී සිටියහ. තය්සීරුල් අල්ලාම් (පිටුව 381), තන්බීහුල් අෆ්හාම් (වෙළුම 3/509,510), තඃසීසුල් අහ්කාම් (වෙළුම 3/346)