හදීසයේ තේරුම: “සැබැවින්ම කුහකයා වනාහි ඔහු ඔහුගේ පිරිසේ ප්රධාන නායකයකු වී, ඔහුට ‘නායකයා’ යන නම නුඹලා භාවිත කළෙහු නම්, සැබැවින්ම නුඹලා අල්ලාහ්ව කෝප කළෙහුය. සැබැවින්ම එය ඔහුට සිදු කළ ගරුබුහුමන් කිරීමක් වන බැවිණි. ඔහු ගරු කිරීමට සුදුසු අයකු නොවේ. ඔහුගේ ප්රජාවේ ඔහු නායකයකු නොවී නම් හෝ ඔහුගේ ප්රජාවේ ප්රධානියෙකු නොවී නම් සැබැවින්ම එය බොරුවක් හෝ කුහකත්වයක් වනු ඇත. මෙම තත්ත්වයන් දෙකෙහිම කුහකයින්ට නායකයා යන පදය භාවිත කිරීම තහනම් කර ඇත. එසේම දේවත්වය ප්රතික්ෂේප කරන්නා, දුෂ්ඨයා හා දහමට අලුත් දෑ එකතු කරන්නා යන අයද එසේමය. ඔවුනට නායකයින් යනුවෙන් පොදුවේ භාවිත කිරීම සුදුසු නොවන්නේය. මෙය සහාබාවරුන් හා ඔවුන්ගෙන් පසු පැමිණියවුන්ට පොදු තහනමක් විය. ඔවුන්ගේ කාලයේ කුහකයෝ කණ්ඩායම් දෙකක් ලෙස සිටියෝය. පළමුවැන්න: ඔවුන් ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා හා රහස්ය දෑ ගැන දැන සිටි හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා හැර වෙනත් කිසිවකු නොදැන පිරිසයි. දෙවන පිරිස: සහාබාවරුන් පවා ඔවුන්ගේ කුහකත්වය ගැන දැන සිටි අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි වැනි අයයි. හදීසයට අදාළ වන්නේ මෙයයි.