සැබැවින්ම අල්ලාහ් ඉදිරියේ ජනයා අතර වඩාත් පහත්ම සහ වඩාත් අවමන් සහගත තැනැත්තා වනුයේ අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට සුදුසු නොවන; මහන්ත භාවය හා උඩඟුභාවය අර්ථවත් කරන ‘රජවරුන්ගෙත් රජු’ වැනි නම්වලින් නම් තබා ගන්නාය. සැබැවින්ම එහි අල්ලාහ්ට අනුකරණයක් පිහිටනු ඇත. තමන්ව එසේ හඳුන්වා ගන්නා හෝ එසේ හඳුන්වනු ලබන පුද්ගලයා සැබැවින්ම අල්ලාහ්ට ආදේශ කරන්නෙකි. එහෙයින් එවන් නාමයෙන් නම් තබනු ලැබූ තැනැත්තා ජනයා අතරින් අල්ලාහ් වෙත වඩාත් උදහස ගෙන දෙන්නෙකි. වඩාත් කිලිටි තැනැත්තෙකි. සැබැවින්ම ජනයා අතරින් වඩාත් කෝප ජනක යන පදයෙන් එය අර්ථවත් කරයි. සැබැවින්ම විශ්වයට කිසිදු රජකු නොමැත. එහි උත්තරීතර අල්ලාහ් හැර වෙනත් රජවරුන්ගෙන් රජකු එහි නොමැත. මෙම හදීසය අවවාද කර ඇති විෂයයෙහි නොවැටෙන පරිදි මිනිසුන් හට අර්ථය නිවැරදිව වටහා නොගෙන නම් හා පටබැදි නම් භාවිත කරන්නන් හට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මෙහි පවතී. අල්ලාහ්ම අපට උදව් කරත්වා!