අබූ දර්දා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “සැබැවින්ම ගැත්තා යමකට ශාප කළ විට එම ශාපය අහසට එසවී යයි. පසුව එයින් තොරව අහස්හි දොරට වැසී යයි. පසුව මහපොළොව වෙත පහළට බසියි. එහි දොරටු ද එයින් තොරව වැසී යයි. පසුව එය දකුණටත් වමටත් (හැරෙන්නට) ගනී. යා නොහැකි තැනක් එයට අත් වූ විට, ශාප කළ තැනැත්තා වෙත නැවත හැරී එයි. ඔහු එයට අදාළ වූයෙකු නම් එය ඔහු පවතින අතර එසේ නොවූයේ නම් එය පැවසූ පුද්ගලයා වෙත නැවත හැරී එනු ඇත.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ගැත්තා තම දිවෙන් යමකට ශාප කළ විට සැබැවින්ම ඔහුගේ ශාපය අහසට එසවී යයි. නමුත් අහසේ දොරටු එ ඉදිරියේ වැසී පවතී. පසුව නැවතත් පොළොවට හැරී යයි. ඒ ඉදිරියේ පොළොවේ දොරටු ද වැසී පවතී. ඒ තුළට ප්රවේස නොවනු ඇත. පසුව වමටත් දකුණටත් ගමන් කරයි. එයට යම් මාර්ගයක් හෝ එය රැඳෙන්නට තැනක් නොදුටු විට නැවතත් ශාප කරනු ලැබූ වස්තුව වෙතට හැරී එයි. එම ශාපය අදාළ පුද්ගලයකු වී නම් ඔහුට එය පවතී. එසේ නොවන්නේ නම් ශාප කළ තැනැත්තා වෙත හැරී ඇවිත්. ඔහුට එය බලපානු ඇත.

explain-icon

අමතර