“අතිනතට දීම අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- සහගාමීන් අතර පැවතුණේද?“ යන ප්රකාශ වනාහි ඔවුන් මුණගැසුණු අවස්ථාවේ ගරු කිරීමක් වශයෙන් හා ආදරය දැක්වීමක් වශයෙන් සලාම් පැවසීමෙන් පසුව ඔවුන් අතර ස්ථීර ලෙස අතිනත දීමේ පුරුද්ද පැවතුණේද යන්නයි. අතිනත දීම දකුණතින් විය යුතුය. එසේ සිදු කරන විට සැබැවින්ම ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට මත්තෙන් ඔවුන් දෙදෙනාට සමාව පිරිනමනු ඇත. මෙය, දෙදෙනා මුණ ගැසුණු විට අතිනත දීමේ මහිමය පෙන්වා දෙන්නකි. මෙය මුණ ගැසී කතා කරන විට හෝ එයට සමාන අවස්ථාවකදීය. වෙළඳපළෙහි මුණ ගැසුණු විට මෙය සහාබාවරුන්ගේ මඟ පෙන්වීමක් නොවීය. එනම් වෙළඳපොළේ ජනයා අතර ගමන් කරන විට ඔවුන් වෙත සලාම් පැවසීම පමණක් ප්රමාණවත් වන්නේය.