අබූ බක්ර් සිද්දීක් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. “මුහම්මද් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට එතුමාගේ පවුලේ අය විෂයයෙහි ගරු උපකාර කරනු.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අබූ බක්ර් -රළියල්ලාහු අන්හු- තුමාගේ ප්රකාශයේ අල්ලාහ්ගේ දූතයාණන්ගේ -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්-පවුලේ අයගේ උරුමය පිළිබඳ සහාබාවරුන් දැනගැනීමටත් ඔවුන්ට ගරු කිරීමටත් ඔවුන්ට උපකාර කිරීමටත් එක් සාධකයක් විය. අල්ලාහ්ගේ දූතයාණන්ගේ-සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පවුලේ අය අතරින් කවරෙකු දහම මත ස්ථාවර සිට එතුමාගේ පිළිවෙත අනුගමනය කළේද එවැනි අයට උරුමයන් දෙකක් විය. එනම් ඉස්ලාමයේ උරුමය හා අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ සමීපත්වයේ උරුමයයි. එම විෂයයෙහි අබූ බක්ර් තුමා ඇතුළු සෙසු සහාබාවරු ආලු බය්ත් හෙවත් නබි තුමාණන්ගේ පවුලේ උදවියට ආදරය කරන්නන් වූහ. ඔවුන්ගෙන් යහපත් උපදෙස් ලැබූහ.

explain-icon

අමතර