නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා හුදය්බිය්යා ගිවිසුම සිදු වූ වසරේ උම්රා කිරීමේ අපේක්ෂාවෙන් පිටත්ව ගියහ. මදීනාවේ හරම් සීමාව වූ දුල් හුලෙයිෆා නම් ස්ථානයට යන්නට මත්තෙන් එයට කිට්ටුවෙන් සිටියදී තමන් ඉලක්ක කර ගනිමින් මුහුදු වෙරළ ඔස්සේ සතුරු කණ්ඩායමක් පැමිණෙන බවට ආරංචියක් එතුමාට දන්වන ලදී. එවිට එතුමා එයින් වළක්වාලීම සඳහා මුහුදු වෙරළට යන මාර්ගයේ දාතුල් යමීන් නම් ස්ථානයේ රැඳී සිටින මෙන් එතුමාගේ සහගයින් පිරිසකට අණ කළහ. ඔවුන් අතර අබූ කතාදාද විය. එවිට ඔවුහු ඒ දෙසට ගමන් ගත්හ. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා මුණ ගැසීමට නැවත එන අවස්ථාවේ ඔවුන් ඉහ්රාම් ඇදගත්හ. නමුත් අබූ කතාදා තුමා ඉහ්රාම් ඇඳ ගත්තේ නැත. ඔවුන් යන අතරවාරයේ කැළෑ බූරුවකු දකින්නට විය. ඔවුහු දඬයම් කිරීමෙන් වැළකී සිටියහ. අබූ කතාදා එය දුටු විට ඌ ඔසවා ගෙනැවිත් කපා හැරියේය. හේතුව එතුමා ඉහ්රාම් ඇද නොසිටි බැවිනි. පසුව ඔවුහු එහි මස් අනුභව කළෝය. පසුව තමන් ඉහ්රාම් ඇඳගෙන සිටියදී එයින් ඔවුනට අනුභව කිරීමට අවසර ඇත්දැයි යන්න ගැන ඔවුන් අතර සැකයක් මතු විය. පසුව ඔවුන් ඉතිරි මස් ටික ඔසවා ගෙනැවිත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමා හමු වී ඒගැන ඔවුහු එතුමාගෙන් විමසා සිටියෝය. පසුව එතුමා ඔවුන්ගෙන්: ඒ ගැන විස්තර ඇසූහ. ඔවුන් අතුරින් කිසිවකු හෝ ඔහුට අණ කර සිටියේ ද එසේ නැතිනම් යම් කිසි සළකුණක් කරමින් ඒ සඳහා ඔහුට උදව් කර තිබේ දැයි විමසා සිටියහ. ඔවුහු: ඒ කිසිවක් සිදු නොවූ බව පැවසුවෝය. පසුව එය අනුමතය යන්න වටහා ගත් පසු ඔවුන්ගේ සිත් තැන්පත් විය. එතුමා ඉතිරි ටික ඔවුනට අනුභව කරන මෙන් පවසා ඔවුන්ගේ සිත් සෑහීමට පත්වනු පිණිස එතුමාද අනුභව කළහ.