ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කිසිදු ජනතාවක් (නිසි මඟට) ආරාධනා කරන තුරු ඔවුන් සමඟ සටන් නොකළහ." صحيح - رواه أحمد والبيهقي
explain-icon

විවරණය

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් කිසිදු ජන ප්‍රජාවක් සමග පළමුව ඔවුන් ඉස්ලාමය වෙත ආරාධනා කරන තුරු අරගල කිරීම් ආරම්භ කළේ නැති බවත් එහි ඇරයුමට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් ඔවුන් සමග සටන් කළ බවත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා දැනුම් දුන්නේය.

explain-icon

හදීසයේ හරය

  • ජන සමාජයක් වෙත ඉස්ලාමයේ පණිවිඩය සේන්දු වී නොතිබුණේ නම් ඔවුන් සමග අරගල කිරීමට පෙර ඉස්ලාමය වෙත ඇරයුම් කිරීම එහි එක් කොන්දේසියකි.
  • තවත් හදීසයක සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන්ට ඉස්ලාමය වෙත ඇරයුම් කළහ. නමුත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර සිටියේ නම් ජිස්යා බදු ගෙවන මෙන් ඔවුනට නියම කළහ. එය ප්‍රතික්ෂේප කළේ නම් ඔවුන් සමග සටන් වැදුණහ.
  • ජිහාද් නම් අරගල කිරීමේ ප්‍රඥාව මිනිසුන් ඉස්ලාමය වෙත ප්‍රවේශ කිරීමය. ඒ හැර නිකරුණේ ඔවුන් ඝාතනය කිරීම හෝ ඔවුන්ගේ වස්තුව ඔවුන්ගේ දේශය ආක්‍රමණය කිරීමේ ආශාව හෝ නොවේ.
explain-icon

අමතර