අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබේ පියවරුන්(ගේ සම්බන්ධතාව) ගැන අහිතක් නොසිතන්න. කවරෙකු තම පියා ගැන අහිතක් සිතුවේ ද ඔහු ගුණමකු විය.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

තම පියාගේ සම්බන්ධතාව ගැන දැනුවත්ව කවරෙකු අහිතක් සිතන්නේද එය කුඩා ගණයේ ප්රතික්ෂේප කිරීමකි. නමුත් එය ඇත්ත වශයනේම නිරයට එහි සගයා සදාතනික පත්කරන ප්රතික්ෂේපයක් නොව ගුණමකු කමකි. මෙය, මෙම ක්රියාව තහනම් කිරීමට හා එය පිළිකුල් කිරීමට දැඩි ලෙස අවවද කර ඇත්තකි. එමෙන්ම තහවුරු කර ඇත්තකි.