ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් දේශනා කරමින් සිටියදී, මිනිසෙකු නැගිට සිටියේය. එවිට එතුමා ඔහු ගැන විමසා සිටියහ. එවිට ඔවුහු (සහාබාවරු) අබු ඉස්රාඊල් සූර්යය අව්වේ සිටින බවටත් වාඩි නොවන බවටත් හෙවණ නොලබන බවටත් කතා නොකරන බවටත් උපවාසයේ නිරත වන බවටත් භාරවී ඇත යැයි පැවසූහ. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ: “ඔබලා ඔහුට අණ කරනු. ඔහු කතා කරත්වා හෙවණ ලබත්වා වාඩිවෙත්වා ඔහුගේ උපවාසය සම්පූර්ණ කරත්වා.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මෙම සහාබිවරයා කතා කිරීමෙන්, ආහාර ගැනීමෙන්, පානය කිරීමෙන් වැළකී සිටින බවටත් හෙවණ නොලබා අව්වට වී සිටගෙන සිටින බවටත් භාර වී ඇත. එය තමන් වේදනාවට හා දුෂ්කරතාවට පත් කර ගැනීමකි. මෙසේ භාර කිරීම තහනම්ය. එබැවින් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එයින් ඔහුව වැළැක්වූහ. නමුත් උපවාසය සම්පූර්ණ කරන මෙන් ඔහුට නියෝග කළහ. හේතුව එය ආගමානුගත කළ නැමදුමකි. කවරෙකු ආගමානුගත කරනු ලැබූ නැමදුමක් භාරයක් වශයෙන් තබන්නේ ද එය සිදු කිරීම අනිවාර්යය වේ. ආගමානුගත නොවූ නැමදුමක් සිදු කරන බවට භාර වන්නේ ද එය සිදු කිරීම ඔහුට අනිවාර්යය නොවේ.

explain-icon

අමතර