නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කඃබාවේ කොන් හතරින් රුක්නුල් අස්වද් හා රුක්නුල් යමාන් නම් කොන් දෙක හැර වෙනත් තැනක් ස්පර්ශ නොකළහ. කඃබාවට කොන් හතරක් ඇත. ඒවායින් නැගෙනහිරෙන් පිහිටා ඇති කොන් වඩාත් උතුම්ය. 1. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම් පිහිටා තිබීම 2. එහි හජ්රුල් අස්වද් පිහිටා තිබීම. රුක්නුල් යමානී නම් ස්ථානයට එක් මහිමයක් ඇත. එය ඉබ්රාහීම්තුමා ඉදිකළ අත්තිවාරම පිහිටා තිබීමය. සිරියා දෙසට හා ඉරාක දෙසට ඇති කොන්හි කිසිවක් නැත. ඒ දෙකෙහි අත්තිවාරම ඉබ්රාහීම්තුමා තැනූ අත්තිවාරමට පිටතින් පිහිටා ඇත. ඒ දෙක දෙසින් ගල ඉවත් කර ඇත. ආගමානුගත කරනු ලැබ ඇත්තේ හජ්රුල් අස්වද් ගල ස්පර්ශ කිරීම හා එය සිප ගැනීමය. සිපගැනීමකින් තොරව රුක්නුල් යමානි කොන ස්පර්ශ කිරීම ආගමානු ගත කර ඇත. ඒ ස්ථාන දෙක හැර සෙසු කොන් දෙක ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම ආගමානුගත කර නොමැත. යමක් ආගමානුගත කරනු ලබනුයේ පිළිපැදීම මතය. එය අලුතින් බිහි කිරීමකින් සිදු නොවන්නකි. එය ආගමානුගත කිරීමේ ප්රඥාව හා අභ්යන්තරය අල්ලාහ් සතුය.